ආරක්‍ෂිතම වෙබ් ගවේෂකය

Firefox ඔබගේ පෞද්ගලික තොරතුරු පෞද්ගලිකවද, සබැඳි රුචිකත්වයන් අනවශ්‍ය පුත්ගලයන්ගෙන් ඈත්කර තබයි.

එසේනම් අප එය කළ යුත්තේ කෙසේද?

Firefox වෙනස් යැයි පවසන්නේ ඇයි ? වැදගත්ම දේ අප සතු විවෘත භාවයයි. එනම් ලොව වටා සිටින ඕනැම කෙනෙකුට (අපව නිරික්‍ෂණය සඳහා අප පසුපසින් දහසකට අධික විශේෂඥයින් පිරිසක් ඇත) අපගේ කේතයන් විපරම්කර බැලිය හැකි අතර එහි ඇති ඕනැම දුර්වල ස්ථානයක් පෙන්වාදිය හැක .

අපි ගැටලුවක් පිළිබඳව දැනුවත් වූ විගසම එය නිසියාකාරව විසඳීම සඳහා එසැණින් ක්‍රියාත්මක වන්නෙමු.

සරලව පවසනවා නම්, අපේ උපරිම ප්‍රමුඛතාව ඔබේ ආරක්‍ෂාවටයි.

There's a Method to Our Madness

අපේ උන්මාදයට විධික්‍රමයක් තිබේ.

අප තරම් අන්තර්ජාලයට ආදරය කරන කිසිවකු නැත. නමුත් ස්පෑම්කරුවන්ගේ, වංචාකරුවන්ගේ සහ වයිරසවල බලපෑම පවතී. එමනිසා අන්තර්ජාලය භාවිත කිරීමේදී ඔබටම ඔබේ ආරක්ෂාව සලසා ගැනීමට සිදුවේ.

එතනදි තමා ඔබට Firefox අවශ්‍ය වන්නේ.

වෙබ් ගවේෂණය සඳහා එය සුරක්‍ෂිතම ක්‍රමය වන්නේ :

  • අපි ගැටලු තනිව නිරවුල් නොකරන්නෙමු. ඔබගේ වෙබ් ගවේෂණය සුරක්‍ෂිත කිරීම සඳහා ආරක්‍ෂක විශේෂඥයින් සමන්විත ජාත්‍යන්තර ප්‍රජාවක් සෑම මොහොතකම කටයුතු කරයි, (අප කටයුතු කරන විවෘත කේත ක්‍රමයට ස්තුතිවන්ත විය යුතුයි). එය අපගේ වටපිටාව සුපිරු පුහුණුවකින් යුත් නිංජාවරුන් විසින් විමර්ශනය කරන්නාක් මෙනි.
  • ඔබගේ සෑම පියවරකදීම ආරක්‍ෂාව අප සැලකිල්ලට ගනු ලබනවා එකදු හෝ කේත පෙළක් රචනය කිරීමට ප්‍රථම, දැනට ඇති ගැටලු හදුනා ගැනීමට සහ විසදීමට එය ආරක්‍ෂක විශේෂඥයන් ආරම්භයේ සිටම නිසියාකාරව කටයුතු කරයි.
  • අපි ගැටලුවකදි එය නිරාකරණය සඳහා ඉදිරියෙන්ම සිටින්නෙමු. අපි නිරන්තරයෙන්ම තර්ජන පිළිබඳව නිරීක්‍ෂණය කරමින් සිටින අතර, සැමවිටම පියවරක් ඉදිරියෙන් සිටීමට Firefox සඳහා යාවත්කිරීම් නිකුත් කරන්නෙමු. විවෘත කේත ලොවේ ක්‍රියාත්මක වීම යනු ඕනැම කෙනෙකුට අපගේ දුවර්වල ස්ථානයක් හඳුනාගෙන එය නිරාකරණය සඳහා අපට සහාය විය හැකි වීමයි.

Firefox ඔබව සබැඳිව සිටින විට ආරක්‍ෂා කිරිමේ ක්‍රමය පිළිබඳ බොහෝ තොරතුරු සඳහා, අපගේ ආරක්‍ෂක සටහන් වෙතට පිවිසෙවනන.