ඓන්ද්‍රීය මෘදුකාංග යනු කුමක්ද?
අනෙකුත් මෘදුකාංග ආයතන හා සැසදීමේදී අප තරමක් වෙනස්. විවිධාකාර අයුරින් අප අන් අයගෙන් වෙනස් වීම හුවා දැක් වීමට ‘ඓන්ද්‍රීය මෘදුකාංග’ වචනය භාවිත කරන්නෙමු:
අපගේ සුප්‍රසිද්ධම නිමැවුම වන Firefox නිර්මාණය කරන ලද්දේ දහස් ගණනක් වූ ජාත්‍යන්තර කණ්ඩායමක් විසින් වන අතර එයින් ඉතා සුළු පිරිසක් අපගේ අභ්‍යන්තර සේවකයින් විය.
අපි ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව අපගේ දැක්ම වන විවෘතභාවය, නවීකරණයන්ට සහ නව ආකල්ප සඳහා ඇති ඉඩ ප්‍රස්ථාවෙන් උද්යෝගිමත්ව සිටින්නෙමු (අප කොටස් වෙළඳපොළේ කටයුතු කරන්නේ නැ. සිතන්නත් පුළුවන්ද?).
එමෙන්ම ලාභ නොලබන, පොදුජන ප්‍රථිලාභ සලසන ආයතනයක්, ලෙස අප සාර්ථකත්වය අර්ථ දක්වනුයේ ප්‍රජාව ගොඩනැංවීම සහ ජනයාගේ ජීවිත දියුණු කිරීමක් ලෙසයි. අප අන්තර්ජාලය සතු බලය සහ සංවර්ධනය සඳහා වු හැකියාව විශ්වාස කරන අතර, සෑම තැනකම සැම කෙනෙකුම වටා එහි වර්ධනයක් දැකීමට අපි අපේක්‍ෂා කරන්නෙමු.
විවෘත කේත යනු කුමක්ද?
මෙය මුලදී අවුල් සහගත වුවත් රැදී සිටින්න: අපගේ "රහස්" සියලු දෙනාම හොඳින් දන්නා බව අපි විශ්වාස කරන්නෙමු.
එබැවින් අපි Firefox මූල කේතය (එහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සියලු දෑ) ලොවට ඉදිරිපත් කළ අතර, එය භාවිතයට සහ පරික්‍ෂාවට අන් අය දිරිමත් කළෙමු.
ඇතැමුන් විසින් මෙහි වැඩි දියුණු කළයුතු සහ සැකසිය යුතු කොටස් හඳුනාගන්නා ලදී. අන් අය සතුව නව ගුණාංග සඳහා අදහස් පැවතුණු අතර ඒවා සඵල කරගන්නා ලදී. තවද වෙනත් අය විසින් එම කේතය යොදා ගනිමින් ඔවුන්ගේ නවීකරණ ඇතුළත් කර, නවතම සහ පුදුම සහගත නිපැයුම් එළි දක්වන ලදී.
මෙහි හරය වන්නේ, විවෘතභාවය නිසා හොඳ දෙයක්ම සිදුවේ ය යන්නයි. ඕනැම අයෙකුට අපගේ තිරයෙන් පසුපසට එබිකම් කළ හැකි අතර, සත්‍ය වශයෙන්ම එවැනි තිර නැති තරම්ය.
ඔබ සැලකිලිමත් විය යුත්තේ ඇයි?
අප සාමාන්‍ය ආයතනයක් නොවේ, නමුත් අපි ඇත්ත තත්වයට ඉලකගත වීමට දනිමු: ඔබට වඩා හොඳ වෙබ් ඇති කිරීමට.
විවෘත වී සිටීම යන්නෙන් දැනෙන ලොකුම අදහස වන්නේ හුදෙක් අපගේ කාර්‍යයාලයේ සිටින දුසිම් කිහිපයක් සේවකයින් මත යැපීම නොව, ලොව ඕනැම අයෙකුගේ දායකත්වය ලබා ගත හැකි විමයි. මෙලෙස කරුණු පැහැදිළිව පෙනෙද්දී, වෙනත් ආකාරයක් කුමටද?
මෙම ඓන්ද්‍රීය මෘදුකාංග සහ විවෘත මූල පිළිබඳ සියලු කතාවලින් අදහස් වන්නේ ඔබටත්, මිලියන 130ක් වන ස්ථිර Firefox පරිශීලකයින්ටත් වඩාත් හොඳ ගවේශකයක් ඇති බවයි. එනම් උසස් තත්වයේ, සුරක්‍ෂිත, නවීකරණයෙන් යුතු, භාවිතයට නිදහසක් ඇති සහ සියලන්ටම ප්‍රවේශ විය හැකි අන්තර්ජාලය සඳහා සහාය වන නිපැයුමක් ඇති බවයි.
