හැමෝගේම රුචිකත්වය එකවාගේ නැහැ නේද?

ඔබ ආහාර සඳහා රිසි පරිදි රසකාරක දමන්නා සේම ජංගම දුරකතනයට රිසි නාද රටා එක් කරයි. එසේ නම් ඔබ වෙබ් අඩවි නැරඹීමට ඔබේ කැමැත්ත පරිදි රිසි කර ගැනීමට මැලිවන්නේ ඇයි?

සැම දෙනාටම ඇඩෝනයක්

ඔබ වෙබ් අඩවි භාවිත කරන ආකාරය අනුව ඔබේ ජාල අත්දැකීම ඔබ ප්‍රිය කරන මුහුණුවරකින් පවත්වා ගැනීම සඳහා උපකාර වන මාර්ග ගණනාවක් Firefox සතුව තිබේ. ඇඩෝන 5000කට අධික සංඛ්‍යාවක් ඇසුරින් මෙම නිර්මාණාත්මක මෙන්ම විනෝද ජනක අත්දැකීම විඳගන්න.

නිශ්චිත තොරතුරු ඇවශ්‍යද? පහත උදාහරණ බලන්න, ඉන්පසු විවිධාකාරවු ඇඩෝන ලබා ගැනීම සඳහා අපගේ ඇඩෝන අඩවියට පිවි සෙන්න.

ඇඟවීම් සහ යාවත්කාලීන

මෙම ඇඩෝන ප්‍රභේදය මඟින් ඔබට නවතම කාලගුණ, ක්‍රීඩා පමණක් නොව eBay වෙන්දේසි කිරිම් තොරතුරු පවා ලබාගත හැක. එසැණින් තොරතුරු ඔබේ ගවේෂකයේ දර්ශනය වේ.

සියලු ඇඟවීම් සහ යාවත්කාලීන ඇඩෝන.

උදාහරණයක් ලෙස: ebayඔබ අන්තර්ජාලයේ සිටින ඕනෑම විටක ඔබගේ eBay වෙළඳාම් පිළිබඳ විමසිලිමත් වීමට.

Firefox eBay සංස්කරණය උත්සාහ කරන්න eBay ආයතනය වීසිනි

පින්තූර, සංගීත, ශ්‍රව්‍ය සහ දෘශ්‍ය

ඔබගේ Firefox පිංතුර නිර්යාත කරනනක්, හඬ වාදකයක් සහ සියලු ආකාරයේ හැකියාවන් ඇති බහුමාධ්‍ය මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන්න. එය, ඔබ අන්තර්ජාලයේ ගවේෂණය කරන විට, පර්යේෂණය කරන විට, විද්‍යුත් තැපැල් යවන විට බහුමාධ්‍යය පාලනය ඔබගේ ඇගිලි තුඩඟ ඇත්තාක් වැනිය.

පින්තූර, ශබ්ද සහ දෘශ්‍ය ඇඩෝන සියල්ල.

උදාහරණයක් ලෙස: foxytunesඔබගේ ගවේෂකයේ සිට බොහෝ දුරට ඔනැම මාධ්‍ය වාදකයක් පාලනය කරන්න.

FoxyTunes උත්සාහ කරන්න ඇලෙක්ස් සිරොන්ටා විසිනි

සමාජීය සහ සංනිවේදන ඇඩෝන

මෙම ඇඩෝන අන්තර්ජාලයේ ඇති නවතම සිත්ගන්නා සුළු දැ සොයා ගැනීමට සහ ක්‍ෂණික පණිවිඩ හුවමාරුව වැඩි දියුණු කිරීමටත් උපකාර වේ. සුප්‍රසිද්ධ සාමාජීය ජාලගත කිරීමේ අඩවි හරහා ඔබගේ මිතුරන් සමඟ සබඳතා වැඩි දියුණු කරගැනීමටත් සහාය වේ.

සියලුම සමාජීය සහ සංනිවේදන ඇඩෝන.

උදාහරණයක් ලෙස: stumbleuponනව අඩවි සොයා, මිතුරන් සමඟ සම්බන්ධ වී ඔබගේ සොයාගැනීම් දන්වන්න.

StumbleUpon උත්සාහ කරන්න StumbleUpon විසින්

තේමා සහ පෙනුම

ඔබගේ ගවේෂණ අත්දැකීම් සම්මත සැලසුමට පමණක් සීමා නොකරන්න. නව වර්‍ණ තෝරාගන්න, ගවේෂකය භාවිතයට පහසු ලෙස සකසාගන්න (නවකයින් සඳහා විශාල බොත්තම්) හෝ ඔබේ ආසාව පරිදි ගැලපෙන්නක් තෝරාගන්න.

සියලු තේමා සහ දසුන් ඇඩෝන.

උදාහරණයක් ලෙස: nasaඅදුරට ප්‍රිය ඔබට තේමාවකි.

NASA රාත්‍රී ඇරඹුම mcdavis941 විසින්